සැනසිල්ලක තතු මුහුණේ දුටු හින්දා
ඔබ යන ගමන ගැන ඔබ තුටු බව දැනුනා
එනමුදු සුසුම් පොද ගිලිහෙන්නට කලින් නුඹේ
සිහියට නැගෙන්නට ඇති නුඹෙ පවුලෙ ගැන
ඔබ යන ගමන ගැන ඔබ තුටු බව දැනුනා
එනමුදු සුසුම් පොද ගිලිහෙන්නට කලින් නුඹේ
සිහියට නැගෙන්නට ඇති නුඹෙ පවුලෙ ගැන
ආදරේ කියන්නෙ ම දරාගැනීම කියලා ගොඩක් අය කිව්වට
විඳවන කෙනා විතරයි ඒ දුක හරියටම දන්නෙ... 🥺
ගොඩක් අය ලොකු ලොකු කතා කියනවා...
ඒත් ඒ අය දන්නේ නෑ අනිත් අය කොච්චර විඳවනවා ද කියලා... දෙයක් වෙන්න ම ඕනි කියනවනෙ ඒ දුක දැනෙන්න...
තව කෙනෙක්ගෙ හිතක් රිද්දන්න කලින් සිය දහස් වාරයක් හිතන්න... 💔
මොකද... 🥺
ඒ වේදනාව දරාගන්න ගොඩක් අමාරුයි...
විඳවන කෙනෙක් විතරයි ඒ වේදනාව දන්නෙ....
ආදරේ දි ගොඩක් අය බොළඳයි තමන් ආදරය කරන කෙනා නැති උනාම ඇතිවන දුක දන්නෙ ඒ අය...
ඒ නිසා කෙනෙක්ගෙ හිතකට ළං වෙන්න කලින්,
කෙනෙක්ට ආදරේ කරන්න කලින්,
කෙනෙක්ට බලාපොරොත්තු දෙන්න කලින්,
සිය දහස් වාරයක් හිතන්න...
මොකද අනිත් කෙනාට දෙන වේදනාව ගෙවාගන්න බැරි පවක් වෙයි... 💔🥺
අම්මේ ඇයි මිනිස්සු එහෙම 😔💔 ...
කොහොමද පුතේ 🙄..
ගොඩක් මිනිස්සු බලන් ඉන්නෙ අපිට කතාවක් හදන්නනෙ 🥺
ඒ පුතේ මිනිස්සුන්ගෙ හැටිනෙ 😊
පුතේ අපිට මිනිස්සු හදන්න බෑ අපි හරියට ඉන්න දැනගන්න ඕනි.. අනික පුතේ දැන් සමාජය හරි වෙනස්.. මිනිස්සු වෙනස්..
හැබැයි,
මයෙ පුතා ඒ මිනිස්සු වගේ වෙන්න එපා.. හරියට ඉන්න බලන්න පුතේ🥺
ගොඩක් මිනිස්සු කතා හැදුවෙ එයාලගෙ වැරදි තියාගෙන... එයාලගෙ අඩුපාඩු තියාගෙන..
ඉතින්....
මිනිස්සු කතා හදයි ඔයාව වට්ටන්න බලයි.
ඒත්,
ඔයා ඒවට වැටෙන්න එපා පුතේ.. ඔයා ඔයාගෙ ගමන යන්න කවුරු මොනා කිව්වත්... ❤️
වැටෙන හැම වෙලාවකම නැගිටින්න හයියක් වෙන්නෙ ඒ වචන, ඒ හිනාව, ඒ මුණ ❤️❤️❤️
දිනූ ✍️
හැමෝටම පේන්න
කෑ ගහලා හිනාවෙනවා
කිසි දෙයක් නොවුනු ගානට
හිනා වෙලා ඉන්නවා
ඒත්,
තනිවෙන හැම තත්පරයක් ගානෙම
ඇස් තෙමෙනවා
මතකයන් හිත පාරනවා
හිතේ තියන හැම දුකක්ම
වේදනාවක්ම
කෑ ගහලා කියන්න ඕනි වුනත්
ඒ දුක වචන කරන්න බැරිව
අසරණ වෙන වාර අනන්තයි
තුන්වන පරිච්ඡේදය
දහසක් සිතුවිලි සිතුවිලි සයුරක් මැද නිදියහනට ගිය ද ගියද නිවස පිළිබඳ මතකය මා සිත දැඩි ලෙසපීඩා කරවන්නකි. නිවසේ ඇති දැඩි ප්‍රශ්න, දුක් කම්කටොලුනැද්ද විශ්ව විශ්වවිද්‍යාලයට පැමිණි මා හට එහිදී ද නිදහසේ අධ්‍යාපන කටයුතු කරගෙන යාමට නොහැකි වූයේ නිවසෙන් පාවා හරි හැටි නො ලැබූ ආදරයක් පිළිබඳ මසිතේ දැඩි වී ගිය හැඟීමකිනි.
මා හට සිහි වූයේ එක් දිනක් මා පාසල් ගොස් එන අතරමග සිදුවූ එක් සිදුවීමකි. ගොවිතැන් බත් කර දිවි ගෙවනා අපට එකල මිල මුදල් තිබුණේද දිනකට වේලකට සරිලන පරිද්දෙනි. දිනක් මා පාසල් ගොස් නිවස බලා පැමිණියේ මාගේ අසල්වැසි නෑයෙකු වූ නැගණියත් සමඟය. අප කතාබහ කරමින් ගමන් ගන්නා අතර අප අසල නතර වූයේ මෝටර් රථයකි. එහි වූයේ අපේ නැන්දනිය කි. ඇයට බෙහෙවින් මිල මුදල් වූයෙන් ඇය ඉතා අහංකාර ගති ඇත්තෙකි.
👩👧 ගෙදර නේද යන්නෙ?
👩 ඔවු නැන්දා ගෙදර තමයි යන්නෙ.
👩👧 යමු එහෙනම් මාත් එක්ක. එන්න නගින්න වාහනේට.
👩 එතකොට මෙයා?
👩👧එයාට පයින් එන්න පුලුවන්නෙ. එයා පයින් ආපුදෙන්. අපි යමු ඉක්මනට. පරක්කු වෙලා තියෙන්නෙ.
👩 හා ඉන්න නැන්දෙ. මන් යනවා අනේ ඔයා එන්න එහෙනම්.
👧 හරි මන් එන්නම්. ඔයාලා පරිස්සමෙන් යන්න
එදින මා පාර මග දමා යාම මහත් වේදනා ගෙන දෙන්නක් වූයේ මුදල් නොමැති නිසාවෙන් මග දමා යාමට තරම් මිනිසුන් කුරිරු වීමට තරම් ගති ඇත්තවුන්ට තරහ සිතිනි.
දෙවන පරිච්ඡේදය
මාගේ විශ්වවිද්‍යාල ජීවිතයට දැන් මාස 3ක් පමණ ගත වී ඇත. මෙහි ගෙවන ඒකාකාරි ජීවිතය විටෙක හිතට මහා හිසරදයකි. ගමේ සිටිය කාලෙදි ආ ගිය සුන්දර තැන් මා හට සිහි වෙයි. එහි තිබු නිදහස නිවසින් ඈත් වූවත් මෙහිදි දැනෙන්නේ නැත. "මේ මෝඩී , උපුල් අයියා අන්න නිමල් අයියා අතේ උබට පණිවිඩයක් එවලා. " සිතුවිලි සයුරක ගිලි සිටි මා එක්වරම පියවි සිහියට ආවේ මාත් සමග නවාතැන් ගෙන සිටින මාගේ විශ්වවිද්‍යාල මිතුරියගේ කෑ ගැසීමටයි .
ඇයගේ නම ජානකිය. ඇයත් මා මෙන්ම උසස් අධ්‍යාපනය සදහා මෙහි නවාතැන් ගෙන සිටියි. අප දෙදෙනාම එකම උපාධිය හදාරන අතර මාගේ හොදම මිතුරිය වූයේද ඇයයි. ඇය කොළඹ ප්‍රදේශයේම වූ නමුත් පහසුව සදහා විශ්ව විද්‍යාලය අසලම නවාතැනක් අවශ්‍ය වූ බැවින් ඇය මෙහි නවාතැන් ගත්තාය. ඇයගේ පියා මව අතහැර ගොස් ඇති අතර මවත් ඇයත් දෙදෙනා පමණක් එකට ජීවත් වී ඇත. මවට දේපල හා වෙනත් ආදායම් මාර්ග තිබු හෙයින් මුදල් අග හිගකම් ඇය හට තිබුනේ නැත. නිමල් යනු ඇගේ පෙම්වතායි. ඔහුත් එම විශ්ව විද්‍යාලයේම වෙනත් උපාධියක් හදාරමින් සිටි. උපුල් යනු මා ගැන බලාපොරොත්තු තබා ගනිමින් මාගෙන් ආදරය ඉල්ලා පැමිණෙන තරුණයා. ඔහුත් මාගේ විශ්වවිද්‍යාලයේ ම වෙනත් උපාධියක් හදාරමින් සිටින අතර කඩවසම් පුද්ගලයෙකු වේ. ගති පැවතුම් වලින් උවත් ඔහු හොද කෙනෙක් බව පෙනෙන්නට තිබුනත් ඔහු සමග හාද වීමට මා බිය වූයෙමි. ඒ මාගේ අධ්‍යාපනය කඩාකප්පල් වේ යැයි සිතෙන විටයි.
" ඇයි මොකක්ද එවලා තියෙන පණිවිඩය"
"උබව හෙට හම්බ වෙන්න පුලුවන්ද කියලා අහල තියෙන්නේ"
" අනේ බං මට බයයි. කියපන් මට හෙට දවසම ලෙක්චර් තියෙනවා කියලා"
" මොකක්ද බන්. පවුනේ බන්. උබව කන්න නෙමෙනේ එන්න කියලා තියෙන්නේ. පොඩ්ඩක් ගිහිල්ලා කතා කරපන්.ඊට පස්සේ කියන දෙයක් ඒ වෙලාවේ කතා කරලා විසඳ ගනින්"
මම පත්වූයේ උභතෝකෝටික ප්‍රශ්නයකටයි. හා කියන්නද බෑ කියන්නද මගේ හිත දෙගිඩියාවකින් පසු වෙයි. වෙන දෙයක් වෙන්න කියලා " හා එහෙනම් හෙට හවස 3ට විතර ලෙක්චර් ඉවර උනාම හම්බවෙන්නම් කියපන්"
"හරි මං හෙට උදේ නිමල් අතේ පණිවිඩය යවන්නම්. දැන් එහෙනම් නිදාගනින් කල්පනා කර කර ඉන්නේ නැතුව"
පළමු පරිච්ඡේදය
ජීවිතය මොනතරම් පුදුමාකාරද. සතුට වගේම කදුලත් අප හට උරුම බව පසක් වූවද සතුටම අපහට කදුලක් උරුමකර දෙන විට අප කොයිතරම් මානසික පීඩනයකට ලක් වෙයිද කියා අපහට කිසි අවබෝධයක් නැත. අප සිතන පතන දේවල් කොයි තරම් අපහට නොලැබි ඇත්ද? නොපතන දේවල් කොයි තරම් දේවල් අකමැත්තෙන් වූවද අප හට උරුම වී ඇත්ද? බොහොමයක් මිනිසුන් පිටතින් දකින විදිහමද ඇතුලාන්තයෙනුත්. මා විඳි අත්දැකීම් බලන කල මේ දේවල් තේරුම් ගැනිමට තියා හිතා ගැනිමටත් නොහැකිව මා ගෙවන්නේ ඉමක් කොනක් නොපෙනෙන මහා සයුර මැද අතරමං වූ ධීවරයෙකුටත් වඩා පශ්චාත්තාපයකිනි.
මේ කතාව කෙසේ ආරම්භ කරන්නේදැයි සිතා ගැනීමට නොහැකි වූවත් මේ සියලු දේවල්වල ආරම්භය සිදු වු මාගේ විශ්වවිද්‍යාල ජිවිතයෙන් කතාව ඇරඹීමට යෝග්‍ය යැයි මට සිතේ. මා නමින් ලලිතා මානෙල් ය. ඈත දුශ්කර ප්‍රදේශයක උපත ලැබු මා හට , මාගේ දෙමව්පියන් ගොවිතැන් කර දුක් මහන්සියෙන් අධ්‍යාපනය ලබා දුන් අතර මා නගරයේ ප්‍රධාන පාසලක ඉගෙනුම ලබා, විශිෂ්ට ජයග්‍රහණයක් ලබා විශ්වවිද්‍යාල වරම් ලබා ගත්තේ මාගේ දෙමව්පියන්ගේද බලාපොරොත්තු සඵල කරමිනි. කුඩා කල සිට දෙමව්පියන් ළඟින් ඉඳ එක්වරම ඔවුන්ගේ සෙවනින් ඈත් වෙන්න සිදු වීම මා හට ලොකු බියක් ගෙන දුන්නේය. ඔවුන් නොමැතිව එතරම් විශාල නගරයක මා කෙසේ නම් තනියම ජීවත් වෙන්නද? ඊටත් වඩා කොළඹ නගරය ගැන සමහර පුද්ගලයන්ගේ හැඳින්වීම යහපත් එකක් වූයේ නැත. ඒත් මාගේ ඉලක්ක සපුරා ගැනීමට නම් මා හට වෙනත් විකල්ප නොමැති බව තේරුම් ගිය බැවින් කෙසේ හෝ හිතට ධෛර්යය ගෙන විශ්වවිද්‍යාලය සදහා පැමිණිමට තීරණය කලෙමි. මගේ පියාගේ යහළුවෙකු කොළඹ නගරයේ රැකියාව කල බැවින් විශ්වවිද්‍යාලය අවටින් නවාතැනක් සොයා ගැනීමට අපට හැකිවිය. පලමු දින දෙමව්පියන් සහ පියාගේ එම යහළුවා පැමිණ මාව නවාතැනට ගෙනත් ඇරලුව අතර මා එදා තරම් කිසිම දවසක අම්මව තුරුල් කරන් ඇඬුවා දැයි කිසි මතකයක් නැත. මාව තනිකර ඔවුන් යනවිට මා හට දැනුනේ සිංහයන් සිටින කුඩූවක් තුළට දැමු මුව පැටවෙක්ට දැනෙන හැඟීම යැයි මට සිතේ. නමුත් මා ටිකින් ටික ඒ ජීවිතයට හුරුවෙන්න පටන් ගත්තෙමි.
ජීවිතය නැමති කතරේ
මගක් දුර විත්
අතහැර යද්දි
දුක හිතුනේ නෑ රත්තරන්
මේ පපුව පැලුනෙ නැති ටික විතරයි
මට සමාවෙන්න මන් නුඹෙන්
ආදරේ මහ ගොඩක් ඉල්ලුවාට
මට සමාවෙන්න මන් පියෙක්ගෙ සෙනෙහසක්
මට නොලැබෙන සොයුරු පෙමක්
ආදරණීය පෙම්වතෙක්ගෙ ආදරණීය
ආදරයක් මහ ගොඩක්
බලාපොරොත්තු වුනාට...
නිතරම ඔබේ දිවියේ මුල් තැන
බලාපොරොත්තු වුනාට...
නුඹ වැරදි නෑ
නුඹ ව තේරුම් නොගත්
මමයි වැරදි
මට සමාවෙන්න රත්තරනේ...
දිනූ ✍️
තත්පරෙන් තත්පරේ
විනාඩියෙන් විනාඩියට
පැයෙන් පැයට
දවසින් දවසට
මේ ආකාරයට කාලය
ඉදිරියට ගමන් කරනවා මිස
නැවත පසු පසට ඒමක් නොමැත
ගෙවී ගිය කාලය
නැවත ගනු බැරි ය
ජීවිතය සුන්දර ම අවධියන්
මෙලෙස ගෙවෙනු ඇත
දිනූ ✍️
"හොඳම වචන හොඳම පිළිවෙලට යෙදීම කවියයි" එස්.ටී.කෝල්රිච් මහතා පවසන ආකාරයට හෙළ හවුලේ ප්‍රථම තරංගයට අයත් කවියකු වන "ජී බී සේනානායක" මහතා විසින් රචිත "පලි ගැනීම" කෙටිකතා සංග්‍රහයේ එන "දෙවියන් මැරීම" පද්‍ය පන්තිය බුද්ධිය ඉදිරියේ භක්තිය යටපත් වන ආකාරය අරමුණු කර ගනිමින් රචිත පද්‍ය පංතියකි.
නිසඳැස් ආකෘතියෙන් රචිත පද්‍ය පන්තිය දෙවියන් මැරීමේ අවස්ථාවක් (භක්තිය යටපත් කිරීම) වස්තු බීජය කරගනිමින් රචිත ය.
"බුද්ධිය මිත්‍රයෙකැයි සිතූ මම
දිනක් මග රැක සිට
මගේ දෙවියන්
මරා හෙළීමි
දැවැන්තයෙකු වන බුද්ධිය
අඳුරෙහි මහ අඩි තබමින්
මා පිටුපසින් එන
මට ඇසෙයි"
බුද්ධියයි භක්තියයි අතර ඝට්ටනයක් පෙන්වීම සඳහා ජී බී සේනානායකයන් දෙවියන් මැරීම පද්‍ය පන්තිය උපයෝගී කර ගෙන ඇති ආකාරය පැහැදිලි වේ. මෙහි සඳහන් ආකාරයට කථකයා භක්තිය පරදා බුද්ධිය ඉස්මතු කරන ආකාරය ඉහත සඳහන් පද පෙළ තුළින් පැහැදිලි වන අතරම සරල වැකි භාවිතා කරමින් මෙය වඩාත් තීව්‍ර කර ඇත. එසේ ම ජී බී සේනානායකයන් තමන්ගේ පද්‍ය පන්තිය තුළ බුද්ධිය මිතුරෙක් ලෙස ගෙන භක්තිය ඉවත් කළා යැයි පවසයි.
"මගේ දෙවියන්
මරා හෙළීමි"
ප්‍රබල සංකේතයක් දැනවීම මේ පැදි පෙළ තුළින් හඳුනා ගත හැකිය.මගේ දෙවියන් මැරීම යනු භක්තිය ඉවත් කිරීමයි. බුද්ධිය සහ භක්තිය අතර ඝට්ටනය තුළින් බුද්ධි ඉස්මතු වී භක්තියේ යටපත් කරන පුද්ගලයකු පිළිබඳ මේ පැදි පෙළ තුළින් පැහැදිලි වන අතර ව්‍යංගාර්ථවත් බස යොදා ගනිමින් පද්‍ය පන්තියේ රසය වැඩි කිරීමට සේනානායකයන් යෙදූ උපක්‍රමයන් මොනවට පැහැදිලි වේ. "මරා හෙළීමි, මට ඇසෙයි " සරල බස යොදා ගැනීම තුළින් පද්‍ය පන්තියේ රසය වැඩි වී ඇත.
" එහෙත් දෙවියන් සිටි කල මෙන්
දැන් මට
සැක හැර ගමන් කළ නොහැක
මා වැටුණු කල
දැන් දෙවියන් නැති හෙයින්
මම
නැගී සිටිය යුතු ය."
භක්තිය යටපත් කරාඉන් පසුව සැකයෙන් යුතුව කල් ගෙවීම මෙන් ම බුද්ධිය හෝ භක්තිය යන දෙකෙන් එකක් වත් නොමැතිව එකක් වත් නොමැති ව විසීමට නොහැකි බව පවසයි.
"මට
නැගී සිටිය යුතු යි."
තමන්ට තම ආත්ම විශ්වාසය ඇති කරමින් භක්තිය නොමැති වුවද තමන් නැගී සිටිය යුතු බව කවියා පවසයි. තමන්ගේ ප්‍රශ්න විසඳාගැනීමට තමන්ට හැකි අයුරු මෙන්ම ආත්ම විශ්වාසය ඇති කරමින් භක්තිය නොමැති වුව ද බුද්ධිය තුළින් කටයුතු කිරීමට හැකි බව කථකයා පවසයි.
"යළිත් දෙවියන් සොයා ගිය මට
උන්වහන්සේගේ රන්වන් මළ සිරුර
මග අසල
නුග ගස යට තිබී සම්බ විය."
නමුත් මේ පුද්ගලයා නැවතත් තමාගේ නැති වූ භක්තිය සොයාගෙන යන බව "යළිත් දෙවියන් සොයා ගිය මට" පාටය තුළින් පැහැදිලි වන අතරම බුද්ධිය නොමැති ව භක්තිය වත්, භක්තිය නොමැතිව බුද්ධිය වත් නැති බව දක්වයි. නුග ගස සංකේතයක් වන අතර අදෘශ්‍යමාන බලවේග එසේ නොමැති නම් දෙවියන් සංකේතවත් කිරීම සඳහා මෙය භාවිතා කරන අතර ම භක්තිය සොයා ගිය පුද්ගලයා දෙවියන් ගේ රන්වන් මළ සිරුර නුග ගස යට තිබී සොයා ගත් බව ද දක්වයි.
"උන් වහන්සේ
නැඟී නොසිටින්නේ
බුද්ධි ය
තම දත් දෙපළ පෙන්නා
විලිස්සමින්
මා පිටිපස සිටින හෙයින් බව
මම දනිමි."
සේනානායකයන් දක්වන ආකාරයට භක්තිය ට යළි නැගී සිටීමට නො හැකි වන්නේ බුද්ධිය නමැති පවුර හේතුවෙනි. බුද්ධි ය විසින් භක්තිය යටපත් කරගෙන සිටීම හේතුවෙන් නැගී සිටීමට නො හැකි බව ද පවසයි.
"තම දත් දෙපළ පෙන්නා
විලිස්සමින්
මා පිටිපස සිටින හෙයින් බව"
චිත්ත රූප දනවන බස් වහරක් යොදා ගනී. "මරා හෙළීමි, මට ඇසෙයි, දැන් මට, මඟ අසල, මම දනිමි" සරල බස් වහර මනාව යොදා ගනී. ව්‍යංගාර්ථවත් බස යොදා ගැනීම තුළින් පද්‍ය පන්තියේ රසය තීව්‍ර වී ඇත. මේ ආකාරයට පද්‍ය පන්ති තුළින් බුද්ධිය හා භක්තිය අතර පවතින්නාවූ සම්බන්ධතාවය පෙන්වීමට ජී බී සේනානායකයන් පද්‍ය පන්තිය යොදාගත් අයුරු මනාව පැහැදිලි වේ.
බුද්ධිය සහ භක්තිය යන දෙක ම පුද්ගලයෙකු තුළ පවතින බවත් මේ දෙක ම සම ව පවත්වා ගැනීම තුළින් යහපත් ජීවිතයක් ගතකිරීමට හැකි බවත් ජීවන දෘෂ්ටිය කර ගනිමින් උත්තම පුරුෂ දෘෂ්ටි කෝණයෙන් ජී බී සේනානායකයන් විසින් රචිත දෙවියන් මැරීම පද්‍ය පන්තිය ඉතා විශිෂ්ට නිර්මාණයක් බව පැහැදිලි වේ.
දෙන්න මට නිදහසක්
පැයක් වත් නැත නින්දක්
නිතරම මට වද දෙයි
චාජරයට ගැහුවත් මගෙන් ම වැඩ
දැන්නම් නිදහසට කරුණු ඇත
දුරකථනයේ තමා පාඩම්
අම්මා ඇහුවොත්,
මම පාඩම් කරනවා කියනවා
නමුදු,
ඔබ වෙන වැඩ
අම්මා නිතරම බනින්නෙත් මට
මම තමයි ඔක්කොටම වැරදියි
අම්මට මාව පෙන්නන්නත් බෑ
හැබැයි මාව නැතුව බෑ
දිනූ ✍️
කොණ්ඩෙ තැන තැන සුදු වෙලා
අත පයත් රැලි වැටිලා
එනමුදු කටේ නම් අඩුවක් නොමැති
හොඳ නරක දෙකටම කෑ ගසන
ඉක්මනින් තරහා යන
නමුත්, නිතර ම සොයා බලනා
දුකේදී මෙන් ම සැපේදිත් සිටින
මවගෙන් පසු ආදරණීය ම කත
ඇයයි මිත්තණිය...
දිනූ ✍️
මටත් සිටිනවා නංගිලා දෙන්නෙක්
අප්පෝ යක්ෂ කෙල්ලො දෙන්නෙක්
නිතරම කෑ ගැසිලි
නිතරම සිනහවෙන්
මුළු නිවස පිරි ඇත
රණ්ඩුවක් නොමැති තරම්
ආදරණීය බැඳීම් ඇති
එකාට එකා නැති ව බැරි
ඒ වගේම ඇතුවත් බැරි
අපූර්වතම වූ පෙම
සහෝදර බැඳීමයි...
දිනූ ✍️
මේක මහ පිස්සුවක්
විටෙක මහා කෝලමක්
හිසට මහ විකාරයක්
පැටලුනු නූල් පන්දුවක්
කොතනින් ලිහාගන්න ද
කොතනින් පැටළුම් අරින්න ද
නොතේරේ මට
සමාජය තුළ ඇයට උරුම වී ඇත්තේ ඉතාම පහත් තත්වයකි. ඒ මන්ද යත් තම ශරීරය විකුණා මුදල් රැස් කරන ඇය පිළිබඳව සමාජය තුළ ඇත්තේ පිළිකුලකි. ඇයට එම තත්ත්වයට ඒමට සිදු වුණේ කුමන හේතුවක් නිසාද? සමහර විට ඇගේ පවුලේ නඩත්තුව සඳහා විය හැකියි. තවද ඇගේ තෘප්තිය සඳහා විය හැකියි. නමුදු බොහෝ පිරිස් මෙය රැකියාවක් කර ගන්නේ තමන්ට මුදල් නොමැතිව අසරණ ව පවුල නඩත්තු කිරීමට නොහැකිවූ අවස්ථාවකය. එමෙන්ම බොහෝ පිරිස් මෙය කැමැත්තෙන් කරනවා විය නොහැක. මේ තුළින් ඉක්මනින් මුදල් හම්බ කිරීම මෙන්ම වැඩි මුදලක් ඉපයීමට හැකි වීම මෙහි මෙහිදී මූලික වේ. මෙය ගොඩක්ම දිළිඳු පවුල්වල පිරිස් නියැලෙන වෘත්තියක් වන අතර වර්තමානය වන විට මෙය සමාජ ගැටළුවක් බවට පත්ව ඇත. එසේම වර්තමානයේ ආර්ථික අපහසුතා, විරැකියාව හේතුවෙන් තරුණ පිරිස් බොහෝ සෙයින් මේ රැකියාව තම ජීවන වෘත්තිය බවට පත් කරගෙන හමාරය.
දිනූ ✍️
A/L කඩඉමෙන් ජය ලැබ
විශ්ව විද්‍යාල වරම් හිමිකර ගත්තද
සබරගමු මෑණියන්ගේ තුරුලේ
අකුරු කරන්නට වාසනාව ලැබුණ ද
දේශන දුරකථනය ඔස්සේ වෙද්දි
විභාග දුරකථනය ඔස්සේ ඒ වෙද්දි
එක් දිනක් හෝ සබරගමු වේ
අසිරිය විඳින්නට නොහැකි වුව අප ද
අප එනතුරු නෙත් දල්වා බලා සිටින
සබරගමු විදු මෑණියන් ද
වෙන් කර තැබූ පවුර
කොරෝනා ඔබයි
දිනූ ✍️
අලුත් දිනයක් උදා වීලා
උදා හිරු නැගෙනවා
පිණිබිඳු ඉහිරිලා
තුරු ලතා පිබිදිලා
කුරුළු ගී ඇහෙනවා
හිරු මුදුන් වී ගොසින්
දොළොස් පැය ගෙවෙනවා
චන්ද්‍රයා පායලා
තාරකා විසිරිලා
රැය පහන් කරනවා
දිනූ ✍️
ලෝකයේ පුරාම
සැරිසරමින් මා
මගේ බලය මම පතුරන්නේ
මීටරේ නොව දුර සිටියත්
මගෙන් ගැලවුමක් නොවේ ඔබ හට
පෙනහළු, හදවත් නවතා දමලා
තොපි සැම මෙලොවින් තුරන් කරන්නේ
කොතෙකුත් එන්නත් ගත්තත් නුඹලා
මාව මරන්නට නොහැකිය
අලුත් අලුත් නව පැටවුන් බිහි කර
මගේ බලය මා පතුරන්නේ
ඔබලා සැම හට මරබිය ඇති කළ
"Covid" මාරයා මම වන්නේ
දිනූ ✍️
සැනසිල්ලක තතු මුහුණේ දුටු හින්දා ඔබ යන ගමන ගැන ඔබ තුටු බව දැනුනා එනමුදු සුසුම් පොද ගිලිහෙන්නට කලින් නුඹේ සිහියට නැගෙන්නට ඇති නුඹෙ පවුලෙ ගැන