Saturday, January 29, 2022

කොරෝනා මාරයා

ලෝකයේ පුරාම

සැරිසරමින් මා

මගේ බලය මම පතුරන්නේ


මීටරේ නොව දුර සිටියත්

මගෙන් ගැලවුමක් නොවේ ඔබ හට

පෙනහළු, හදවත් නවතා දමලා

තොපි සැම මෙලොවින් තුරන් කරන්නේ


කොතෙකුත් එන්නත් ගත්තත් නුඹලා

මාව මරන්නට නොහැකිය

අලුත් අලුත් නව පැටවුන් බිහි කර 

මගේ බලය මා පතුරන්නේ


ඔබලා සැම හට මරබිය ඇති කළ

"Covid" මාරයා මම වන්නේ


                                                         දිනූ ✍️







No comments:

Post a Comment

දෙවනි අප්පච්චිගේ නික්ම යාම 💔

සැනසිල්ලක තතු මුහුණේ දුටු හින්දා  ඔබ යන ගමන ගැන ඔබ තුටු බව දැනුනා එනමුදු සුසුම් පොද ගිලිහෙන්නට කලින් නුඹේ සිහියට නැගෙන්නට ඇති නුඹෙ පවුලෙ ගැන