Friday, November 5, 2021

ගොළු හදවත

කියන්නට බොහෝ දේ ඇත
අසන්නට කෙනෙක් නැත
ගොළුව ඇත මුලු හදම
පාළුවෙන් නිරතුරුව

ගෙවී ගියත් 
බෝ වෙලා
නිදිවරා
මා.... සිටිමි
ගොළු වූ හදේ
වදන් ගලපනු
නොහැකි වී.... 
රැයෙන් අඩක් පමණ ම
නිම ව 
ඇති මුත්,
එනමුදු,
තවමත්,
ම... සිත
ගොළු ව ඇත....






 

                                                   දිනූ ✍️    

6 comments:

දෙවනි අප්පච්චිගේ නික්ම යාම 💔

සැනසිල්ලක තතු මුහුණේ දුටු හින්දා  ඔබ යන ගමන ගැන ඔබ තුටු බව දැනුනා එනමුදු සුසුම් පොද ගිලිහෙන්නට කලින් නුඹේ සිහියට නැගෙන්නට ඇති නුඹෙ පවුලෙ ගැන