Tuesday, January 31, 2023

ඔවු මන් හිනාවෙනවා 🙂


ඔවු මන් හිනාවෙනවා 

හැමෝටම පේන්න 

කෑ ගහලා හිනාවෙනවා 

කිසි දෙයක් නොවුනු ගානට 

හිනා වෙලා ඉන්නවා


ඒත්,

තනිවෙන හැම තත්පරයක් ගානෙම

ඇස් තෙමෙනවා

මතකයන් හිත පාරනවා

හිතේ තියන හැම දුකක්ම 

වේදනාවක්ම

කෑ ගහලා කියන්න ඕනි වුනත්

ඒ දුක වචන කරන්න බැරිව

අසරණ වෙන වාර අනන්තයි














Sunday, January 29, 2023

මාරුතය

 තුන්වන පරිච්ඡේදය 


දහසක් සිතුවිලි සිතුවිලි සයුරක් මැද නිදියහනට ගිය ද ගියද නිවස පිළිබඳ මතකය මා සිත දැඩි ලෙසපීඩා කරවන්නකි.  නිවසේ ඇති දැඩි ප්‍රශ්න, දුක් කම්කටොලුනැද්ද විශ්ව විශ්වවිද්‍යාලයට පැමිණි මා හට එහිදී ද නිදහසේ අධ්‍යාපන කටයුතු කරගෙන යාමට නොහැකි වූයේ නිවසෙන් පාවා හරි හැටි නො ලැබූ ආදරයක් පිළිබඳ මසිතේ දැඩි වී ගිය හැඟීමකිනි. 

 මා හට සිහි වූයේ එක් දිනක් මා පාසල් ගොස් එන අතරමග සිදුවූ එක් සිදුවීමකි. ගොවිතැන් බත් කර දිවි ගෙවනා අපට එකල මිල මුදල් තිබුණේද දිනකට වේලකට සරිලන පරිද්දෙනි. දිනක් මා පාසල් ගොස් නිවස බලා පැමිණියේ මාගේ අසල්වැසි නෑයෙකු වූ නැගණියත් සමඟය. අප කතාබහ කරමින් ගමන් ගන්නා අතර අප අසල නතර වූයේ මෝටර් රථයකි. එහි වූයේ අපේ නැන්දනිය කි. ඇයට බෙහෙවින් මිල මුදල් වූයෙන් ඇය ඉතා අහංකාර ගති ඇත්තෙකි. 

👩‍👧 ගෙදර නේද යන්නෙ?

👩 ඔවු නැන්දා ගෙදර තමයි යන්නෙ.

👩‍👧 යමු එහෙනම් මාත් එක්ක. එන්න නගින්න වාහනේට.

👩 එතකොට මෙයා?

👩‍👧එයාට පයින් එන්න පුලුවන්නෙ. එයා පයින් ආපුදෙන්. අපි යමු ඉක්මනට. පරක්කු වෙලා තියෙන්නෙ. 

👩 හා ඉන්න නැන්දෙ. මන් යනවා අනේ ඔයා එන්න එහෙනම්. 

👧 හරි මන් එන්නම්. ඔයාලා පරිස්සමෙන් යන්න

එදින මා පාර මග දමා යාම මහත් වේදනා ගෙන දෙන්නක් වූයේ මුදල් නොමැති නිසාවෙන් මග දමා යාමට තරම් මිනිසුන් කුරිරු වීමට තරම් ගති ඇත්තවුන්ට තරහ සිතිනි. 


Thursday, January 26, 2023

මාරුතය

දෙවන පරිච්ඡේදය 


මාගේ විශ්වවිද්‍යාල ජීවිතයට දැන් මාස 3ක් පමණ ගත වී ඇත. මෙහි ගෙවන ඒකාකාරි ජීවිතය විටෙක හිතට මහා හිසරදයකි. ගමේ සිටිය කාලෙදි ආ ගිය සුන්දර තැන් මා හට සිහි වෙයි. එහි තිබු නිදහස නිවසින් ඈත් වූවත් මෙහිදි දැනෙන්නේ නැත. "මේ මෝඩී , උපුල් අයියා අන්න නිමල් අයියා අතේ උබට පණිවිඩයක් එවලා. " සිතුවිලි සයුරක ගිලි සිටි මා එක්වරම පියවි සිහියට ආවේ මාත් සමග නවාතැන් ගෙන සිටින මාගේ විශ්වවිද්‍යාල මිතුරියගේ කෑ ගැසීමටයි .


ඇයගේ නම ජානකිය. ඇයත් මා මෙන්ම උසස් අධ්‍යාපනය සදහා මෙහි නවාතැන් ගෙන සිටියි. අප දෙදෙනාම එකම උපාධිය හදාරන අතර මාගේ හොදම මිතුරිය වූයේද ඇයයි. ඇය කොළඹ ප්‍රදේශයේම වූ නමුත් පහසුව සදහා විශ්ව විද්‍යාලය අසලම නවාතැනක් අවශ්‍ය වූ බැවින් ඇය මෙහි නවාතැන් ගත්තාය. ඇයගේ පියා මව අතහැර ගොස් ඇති අතර මවත් ඇයත් දෙදෙනා පමණක් එකට ජීවත් වී ඇත. මවට දේපල හා වෙනත් ආදායම් මාර්ග තිබු හෙයින් මුදල් අග හිගකම් ඇය හට තිබුනේ නැත. නිමල් යනු ඇගේ පෙම්වතායි. ඔහුත් එම විශ්ව විද්‍යාලයේම වෙනත් උපාධියක් හදාරමින් සිටි. උපුල් යනු මා ගැන බලාපොරොත්තු තබා ගනිමින් මාගෙන් ආදරය ඉල්ලා පැමිණෙන තරුණයා. ඔහුත් මාගේ විශ්වවිද්‍යාලයේ ම වෙනත් උපාධියක් හදාරමින් සිටින අතර කඩවසම් පුද්ගලයෙකු වේ. ගති පැවතුම් වලින් උවත් ඔහු හොද කෙනෙක් බව පෙනෙන්නට තිබුනත් ඔහු සමග හාද වීමට මා බිය වූයෙමි. ඒ මාගේ අධ්‍යාපනය කඩාකප්පල් වේ යැයි සිතෙන විටයි.


" ඇයි මොකක්ද එවලා තියෙන පණිවිඩය"


"උබව හෙට හම්බ වෙන්න පුලුවන්ද කියලා අහල තියෙන්නේ" 


" අනේ බං මට බයයි. කියපන් මට හෙට දවසම ලෙක්චර් තියෙනවා කියලා"


" මොකක්ද බන්. පවුනේ බන්. උබව කන්න නෙමෙනේ එන්න කියලා තියෙන්නේ. පොඩ්ඩක් ගිහිල්ලා කතා කරපන්.ඊට පස්සේ කියන දෙයක් ඒ වෙලාවේ කතා කරලා විසඳ ගනින්"

මම පත්වූයේ උභතෝකෝටික ප්‍රශ්නයකටයි. හා කියන්නද බෑ කියන්නද මගේ හිත දෙගිඩියාවකින් පසු වෙයි. වෙන දෙයක් වෙන්න කියලා " හා එහෙනම් හෙට හවස 3ට විතර ලෙක්චර් ඉවර උනාම හම්බවෙන්නම් කියපන්"


"හරි මං හෙට උදේ නිමල් අතේ පණිවිඩය යවන්නම්. දැන් එහෙනම් නිදාගනින් කල්පනා කර කර ඉන්නේ නැතුව"

Wednesday, January 18, 2023

මාරුතය

පළමු පරිච්ඡේදය 



ජීවිතය මොනතරම් පුදුමාකාරද.  සතුට වගේම කදුලත් අප හට උරුම බව පසක් වූවද සතුටම අපහට කදුලක් උරුමකර දෙන විට අප කොයිතරම් මානසික පීඩනයකට ලක් වෙයිද කියා අපහට කිසි අවබෝධයක් නැත.   අප සිතන පතන දේවල් කොයි තරම් අපහට නොලැබි ඇත්ද? නොපතන දේවල් කොයි තරම් දේවල් අකමැත්තෙන් වූවද අප හට උරුම වී ඇත්ද? බොහොමයක් මිනිසුන් පිටතින් දකින විදිහමද ඇතුලාන්තයෙනුත්. මා විඳි අත්දැකීම් බලන කල මේ දේවල් තේරුම් ගැනිමට තියා හිතා ගැනිමටත් නොහැකිව මා ගෙවන්නේ ඉමක් කොනක් නොපෙනෙන මහා සයුර මැද අතරමං වූ ධීවරයෙකුටත් වඩා පශ්චාත්තාපයකිනි.


මේ කතාව කෙසේ ආරම්භ කරන්නේදැයි සිතා ගැනීමට නොහැකි වූවත් මේ සියලු දේවල්වල ආරම්භය සිදු වු මාගේ  විශ්වවිද්‍යාල ජිවිතයෙන් කතාව ඇරඹීමට යෝග්‍ය යැයි මට සිතේ. මා නමින් ලලිතා මානෙල්‍ ය. ඈත දුශ්කර ප්‍රදේශයක උපත ලැබු මා හට , මාගේ දෙමව්පියන් ගොවිතැන් කර දුක් මහන්සියෙන් අධ්‍යාපනය ලබා දුන් අතර මා නගරයේ ප්‍රධාන පාසලක ඉගෙනුම ලබා,  විශිෂ්ට ජයග්‍රහණයක් ලබා විශ්වවිද්‍යාල වරම් ලබා ගත්තේ මාගේ දෙමව්පියන්ගේද බලාපොරොත්තු සඵල කරමිනි. කුඩා කල සිට දෙමව්පියන් ළඟින් ඉඳ එක්වරම ඔවුන්ගේ  සෙවනින් ඈත් වෙන්න සිදු වීම මා හට ලොකු බියක් ගෙන දුන්නේය. ඔවුන් නොමැතිව එතරම් විශාල නගරයක මා කෙසේ නම් තනියම ජීවත් වෙන්නද? ඊටත් වඩා කොළඹ නගරය ගැන  සමහර පුද්ගලයන්ගේ හැඳින්වීම යහපත් එකක් වූයේ නැත. ඒත් මාගේ ඉලක්ක සපුරා ගැනීමට නම් මා හට වෙනත් විකල්ප නොමැති බව තේරුම් ගිය බැවින් කෙසේ හෝ හිතට ධෛර්යය ගෙන විශ්වවිද්‍යාලය සදහා පැමිණිමට තීරණය කලෙමි. මගේ පියාගේ යහළුවෙකු කොළඹ නගරයේ රැකියාව කල බැවින් විශ්වවිද්‍යාලය අවටින් නවාතැනක් සොයා ගැනීමට අපට හැකිවිය. පලමු දින දෙමව්පියන් සහ පියාගේ එම යහළුවා පැමිණ මාව නවාතැනට ගෙනත් ඇරලුව අතර මා එදා තරම් කිසිම දවසක අම්මව තුරුල් කරන් ඇඬුවා දැයි කිසි මතකයක් නැත. මාව තනිකර ඔවුන් යනවිට මා හට දැනුනේ සිංහයන් සිටින කුඩූවක් තුළට දැමු මුව පැටවෙක්ට  දැනෙන හැඟීම යැයි මට සිතේ. නමුත් මා ටිකින් ටික ඒ ජීවිතයට හුරුවෙන්න පටන් ගත්තෙමි.

දෙවනි අප්පච්චිගේ නික්ම යාම 💔

සැනසිල්ලක තතු මුහුණේ දුටු හින්දා  ඔබ යන ගමන ගැන ඔබ තුටු බව දැනුනා එනමුදු සුසුම් පොද ගිලිහෙන්නට කලින් නුඹේ සිහියට නැගෙන්නට ඇති නුඹෙ පවුලෙ ගැන