Wednesday, January 18, 2023

මාරුතය

පළමු පරිච්ඡේදය 



ජීවිතය මොනතරම් පුදුමාකාරද.  සතුට වගේම කදුලත් අප හට උරුම බව පසක් වූවද සතුටම අපහට කදුලක් උරුමකර දෙන විට අප කොයිතරම් මානසික පීඩනයකට ලක් වෙයිද කියා අපහට කිසි අවබෝධයක් නැත.   අප සිතන පතන දේවල් කොයි තරම් අපහට නොලැබි ඇත්ද? නොපතන දේවල් කොයි තරම් දේවල් අකමැත්තෙන් වූවද අප හට උරුම වී ඇත්ද? බොහොමයක් මිනිසුන් පිටතින් දකින විදිහමද ඇතුලාන්තයෙනුත්. මා විඳි අත්දැකීම් බලන කල මේ දේවල් තේරුම් ගැනිමට තියා හිතා ගැනිමටත් නොහැකිව මා ගෙවන්නේ ඉමක් කොනක් නොපෙනෙන මහා සයුර මැද අතරමං වූ ධීවරයෙකුටත් වඩා පශ්චාත්තාපයකිනි.


මේ කතාව කෙසේ ආරම්භ කරන්නේදැයි සිතා ගැනීමට නොහැකි වූවත් මේ සියලු දේවල්වල ආරම්භය සිදු වු මාගේ  විශ්වවිද්‍යාල ජිවිතයෙන් කතාව ඇරඹීමට යෝග්‍ය යැයි මට සිතේ. මා නමින් ලලිතා මානෙල්‍ ය. ඈත දුශ්කර ප්‍රදේශයක උපත ලැබු මා හට , මාගේ දෙමව්පියන් ගොවිතැන් කර දුක් මහන්සියෙන් අධ්‍යාපනය ලබා දුන් අතර මා නගරයේ ප්‍රධාන පාසලක ඉගෙනුම ලබා,  විශිෂ්ට ජයග්‍රහණයක් ලබා විශ්වවිද්‍යාල වරම් ලබා ගත්තේ මාගේ දෙමව්පියන්ගේද බලාපොරොත්තු සඵල කරමිනි. කුඩා කල සිට දෙමව්පියන් ළඟින් ඉඳ එක්වරම ඔවුන්ගේ  සෙවනින් ඈත් වෙන්න සිදු වීම මා හට ලොකු බියක් ගෙන දුන්නේය. ඔවුන් නොමැතිව එතරම් විශාල නගරයක මා කෙසේ නම් තනියම ජීවත් වෙන්නද? ඊටත් වඩා කොළඹ නගරය ගැන  සමහර පුද්ගලයන්ගේ හැඳින්වීම යහපත් එකක් වූයේ නැත. ඒත් මාගේ ඉලක්ක සපුරා ගැනීමට නම් මා හට වෙනත් විකල්ප නොමැති බව තේරුම් ගිය බැවින් කෙසේ හෝ හිතට ධෛර්යය ගෙන විශ්වවිද්‍යාලය සදහා පැමිණිමට තීරණය කලෙමි. මගේ පියාගේ යහළුවෙකු කොළඹ නගරයේ රැකියාව කල බැවින් විශ්වවිද්‍යාලය අවටින් නවාතැනක් සොයා ගැනීමට අපට හැකිවිය. පලමු දින දෙමව්පියන් සහ පියාගේ එම යහළුවා පැමිණ මාව නවාතැනට ගෙනත් ඇරලුව අතර මා එදා තරම් කිසිම දවසක අම්මව තුරුල් කරන් ඇඬුවා දැයි කිසි මතකයක් නැත. මාව තනිකර ඔවුන් යනවිට මා හට දැනුනේ සිංහයන් සිටින කුඩූවක් තුළට දැමු මුව පැටවෙක්ට  දැනෙන හැඟීම යැයි මට සිතේ. නමුත් මා ටිකින් ටික ඒ ජීවිතයට හුරුවෙන්න පටන් ගත්තෙමි.

No comments:

Post a Comment

දෙවනි අප්පච්චිගේ නික්ම යාම 💔

සැනසිල්ලක තතු මුහුණේ දුටු හින්දා  ඔබ යන ගමන ගැන ඔබ තුටු බව දැනුනා එනමුදු සුසුම් පොද ගිලිහෙන්නට කලින් නුඹේ සිහියට නැගෙන්නට ඇති නුඹෙ පවුලෙ ගැන