Thursday, January 26, 2023

මාරුතය

දෙවන පරිච්ඡේදය 


මාගේ විශ්වවිද්‍යාල ජීවිතයට දැන් මාස 3ක් පමණ ගත වී ඇත. මෙහි ගෙවන ඒකාකාරි ජීවිතය විටෙක හිතට මහා හිසරදයකි. ගමේ සිටිය කාලෙදි ආ ගිය සුන්දර තැන් මා හට සිහි වෙයි. එහි තිබු නිදහස නිවසින් ඈත් වූවත් මෙහිදි දැනෙන්නේ නැත. "මේ මෝඩී , උපුල් අයියා අන්න නිමල් අයියා අතේ උබට පණිවිඩයක් එවලා. " සිතුවිලි සයුරක ගිලි සිටි මා එක්වරම පියවි සිහියට ආවේ මාත් සමග නවාතැන් ගෙන සිටින මාගේ විශ්වවිද්‍යාල මිතුරියගේ කෑ ගැසීමටයි .


ඇයගේ නම ජානකිය. ඇයත් මා මෙන්ම උසස් අධ්‍යාපනය සදහා මෙහි නවාතැන් ගෙන සිටියි. අප දෙදෙනාම එකම උපාධිය හදාරන අතර මාගේ හොදම මිතුරිය වූයේද ඇයයි. ඇය කොළඹ ප්‍රදේශයේම වූ නමුත් පහසුව සදහා විශ්ව විද්‍යාලය අසලම නවාතැනක් අවශ්‍ය වූ බැවින් ඇය මෙහි නවාතැන් ගත්තාය. ඇයගේ පියා මව අතහැර ගොස් ඇති අතර මවත් ඇයත් දෙදෙනා පමණක් එකට ජීවත් වී ඇත. මවට දේපල හා වෙනත් ආදායම් මාර්ග තිබු හෙයින් මුදල් අග හිගකම් ඇය හට තිබුනේ නැත. නිමල් යනු ඇගේ පෙම්වතායි. ඔහුත් එම විශ්ව විද්‍යාලයේම වෙනත් උපාධියක් හදාරමින් සිටි. උපුල් යනු මා ගැන බලාපොරොත්තු තබා ගනිමින් මාගෙන් ආදරය ඉල්ලා පැමිණෙන තරුණයා. ඔහුත් මාගේ විශ්වවිද්‍යාලයේ ම වෙනත් උපාධියක් හදාරමින් සිටින අතර කඩවසම් පුද්ගලයෙකු වේ. ගති පැවතුම් වලින් උවත් ඔහු හොද කෙනෙක් බව පෙනෙන්නට තිබුනත් ඔහු සමග හාද වීමට මා බිය වූයෙමි. ඒ මාගේ අධ්‍යාපනය කඩාකප්පල් වේ යැයි සිතෙන විටයි.


" ඇයි මොකක්ද එවලා තියෙන පණිවිඩය"


"උබව හෙට හම්බ වෙන්න පුලුවන්ද කියලා අහල තියෙන්නේ" 


" අනේ බං මට බයයි. කියපන් මට හෙට දවසම ලෙක්චර් තියෙනවා කියලා"


" මොකක්ද බන්. පවුනේ බන්. උබව කන්න නෙමෙනේ එන්න කියලා තියෙන්නේ. පොඩ්ඩක් ගිහිල්ලා කතා කරපන්.ඊට පස්සේ කියන දෙයක් ඒ වෙලාවේ කතා කරලා විසඳ ගනින්"

මම පත්වූයේ උභතෝකෝටික ප්‍රශ්නයකටයි. හා කියන්නද බෑ කියන්නද මගේ හිත දෙගිඩියාවකින් පසු වෙයි. වෙන දෙයක් වෙන්න කියලා " හා එහෙනම් හෙට හවස 3ට විතර ලෙක්චර් ඉවර උනාම හම්බවෙන්නම් කියපන්"


"හරි මං හෙට උදේ නිමල් අතේ පණිවිඩය යවන්නම්. දැන් එහෙනම් නිදාගනින් කල්පනා කර කර ඉන්නේ නැතුව"

No comments:

Post a Comment

දෙවනි අප්පච්චිගේ නික්ම යාම 💔

සැනසිල්ලක තතු මුහුණේ දුටු හින්දා  ඔබ යන ගමන ගැන ඔබ තුටු බව දැනුනා එනමුදු සුසුම් පොද ගිලිහෙන්නට කලින් නුඹේ සිහියට නැගෙන්නට ඇති නුඹෙ පවුලෙ ගැන