Thursday, September 8, 2022

අයිති නැති නුඹ....



අයිතියක් නැති නුඹ ම
ප්‍රේමයක් පෙන්වා ම
උණුසුම් ම පපුතුරේ
සෙනෙහසක් සෙව්වා ම
නුඹ මගේ යැයි කියා
උරුමකම් කිව්වාට
අහිමි නුඹ කඳුලමයි
මගේ සිත සොරා ගත්ත

අහම්බෙන් මුණගැසුණු නුඹ
මගේ හැම සුසුමක්ම වෙලා
නුඹට දැනුණු ප්‍රේමය
නොදැනුනා සේ සිතේ ගුලිකර
කලක් ගෙවී ගිය නමුදු
මසිත තාමත් නුඹ කෙරේ

නමුදු...


                                                                 දිනූ ✍️
 


2 comments:

දෙවනි අප්පච්චිගේ නික්ම යාම 💔

සැනසිල්ලක තතු මුහුණේ දුටු හින්දා  ඔබ යන ගමන ගැන ඔබ තුටු බව දැනුනා එනමුදු සුසුම් පොද ගිලිහෙන්නට කලින් නුඹේ සිහියට නැගෙන්නට ඇති නුඹෙ පවුලෙ ගැන