Saturday, January 29, 2022

වීදි කත

         සමාජය තුළ ඇයට උරුම වී ඇත්තේ ඉතාම පහත් තත්වයකි. ඒ මන්ද යත් තම ශරීරය විකුණා මුදල් රැස් කරන ඇය පිළිබඳව සමාජය තුළ ඇත්තේ පිළිකුලකි. ඇයට එම තත්ත්වයට ඒමට සිදු වුණේ කුමන හේතුවක් නිසාද? සමහර විට ඇගේ පවුලේ නඩත්තුව සඳහා විය හැකියි. තවද ඇගේ තෘප්තිය සඳහා විය හැකියි. නමුදු බොහෝ පිරිස් මෙය රැකියාවක් කර ගන්නේ තමන්ට මුදල් නොමැතිව අසරණ ව පවුල නඩත්තු කිරීමට නොහැකිවූ අවස්ථාවකය. එමෙන්ම බොහෝ පිරිස් මෙය කැමැත්තෙන් කරනවා විය නොහැක. මේ තුළින් ඉක්මනින් මුදල් හම්බ කිරීම මෙන්ම වැඩි මුදලක් ඉපයීමට හැකි වීම මෙහි මෙහිදී මූලික වේ. මෙය ගොඩක්ම දිළිඳු පවුල්වල පිරිස් නියැලෙන වෘත්තියක් වන අතර වර්තමානය වන විට මෙය සමාජ ගැටළුවක් බවට පත්ව ඇත. එසේම වර්තමානයේ ආර්ථික අපහසුතා, විරැකියාව හේතුවෙන් තරුණ පිරිස් බොහෝ සෙයින් මේ රැකියාව තම ජීවන වෘත්තිය බවට පත් කරගෙන හමාරය. 


                                                  දිනූ ✍️

1 comment:

දෙවනි අප්පච්චිගේ නික්ම යාම 💔

සැනසිල්ලක තතු මුහුණේ දුටු හින්දා  ඔබ යන ගමන ගැන ඔබ තුටු බව දැනුනා එනමුදු සුසුම් පොද ගිලිහෙන්නට කලින් නුඹේ සිහියට නැගෙන්නට ඇති නුඹෙ පවුලෙ ගැන