Saturday, January 29, 2022

වීදි කත

         සමාජය තුළ ඇයට උරුම වී ඇත්තේ ඉතාම පහත් තත්වයකි. ඒ මන්ද යත් තම ශරීරය විකුණා මුදල් රැස් කරන ඇය පිළිබඳව සමාජය තුළ ඇත්තේ පිළිකුලකි. ඇයට එම තත්ත්වයට ඒමට සිදු වුණේ කුමන හේතුවක් නිසාද? සමහර විට ඇගේ පවුලේ නඩත්තුව සඳහා විය හැකියි. තවද ඇගේ තෘප්තිය සඳහා විය හැකියි. නමුදු බොහෝ පිරිස් මෙය රැකියාවක් කර ගන්නේ තමන්ට මුදල් නොමැතිව අසරණ ව පවුල නඩත්තු කිරීමට නොහැකිවූ අවස්ථාවකය. එමෙන්ම බොහෝ පිරිස් මෙය කැමැත්තෙන් කරනවා විය නොහැක. මේ තුළින් ඉක්මනින් මුදල් හම්බ කිරීම මෙන්ම වැඩි මුදලක් ඉපයීමට හැකි වීම මෙහි මෙහිදී මූලික වේ. මෙය ගොඩක්ම දිළිඳු පවුල්වල පිරිස් නියැලෙන වෘත්තියක් වන අතර වර්තමානය වන විට මෙය සමාජ ගැටළුවක් බවට පත්ව ඇත. එසේම වර්තමානයේ ආර්ථික අපහසුතා, විරැකියාව හේතුවෙන් තරුණ පිරිස් බොහෝ සෙයින් මේ රැකියාව තම ජීවන වෘත්තිය බවට පත් කරගෙන හමාරය. 


                                                  දිනූ ✍️

සරසවි සිහිනය

A/L කඩඉමෙන් ජය ලැබ

විශ්ව විද්‍යාල වරම් හිමිකර ගත්තද 

සබරගමු මෑණියන්ගේ තුරුලේ 

අකුරු කරන්නට වාසනාව ලැබුණ ද 

දේශන දුරකථනය ඔස්සේ වෙද්දි 

විභාග දුරකථනය ඔස්සේ ඒ වෙද්දි 

එක් දිනක් හෝ සබරගමු වේ 

අසිරිය විඳින්නට නොහැකි වුව අප ද

අප එනතුරු නෙත් දල්වා බලා සිටින 

සබරගමු විදු මෑණියන් ද 

වෙන් කර තැබූ පවුර 

කොරෝනා ඔබයි 


                                                  දිනූ ✍️



දවස

අලුත් දිනයක් උදා වීලා

උදා හිරු නැගෙනවා

පිණිබිඳු ඉහිරිලා

තුරු ලතා පිබිදිලා 

කුරුළු ගී ඇහෙනවා

හිරු මුදුන් වී ගොසින්

දොළොස් පැය ගෙවෙනවා

චන්ද්‍රයා පායලා

තාරකා විසිරිලා

රැය පහන් කරනවා


                                                         දිනූ ✍️

කොරෝනා මාරයා

ලෝකයේ පුරාම

සැරිසරමින් මා

මගේ බලය මම පතුරන්නේ


මීටරේ නොව දුර සිටියත්

මගෙන් ගැලවුමක් නොවේ ඔබ හට

පෙනහළු, හදවත් නවතා දමලා

තොපි සැම මෙලොවින් තුරන් කරන්නේ


කොතෙකුත් එන්නත් ගත්තත් නුඹලා

මාව මරන්නට නොහැකිය

අලුත් අලුත් නව පැටවුන් බිහි කර 

මගේ බලය මා පතුරන්නේ


ඔබලා සැම හට මරබිය ඇති කළ

"Covid" මාරයා මම වන්නේ


                                                         දිනූ ✍️







වැස්ස

අහස් කුසයේ

වැහි වළාවන් 

චණ්ඩ වී ඇයි මේ ලෙසින් 

අපට සරදම් කරනු ඇයි මේ

වේගයෙන් ඔබ මොබ යමින්

ගිමන් හරින ට නතර වූ තැන

කුඩා වැහි බිඳු පොද ලෙසින් 


ඔබේ සුරිනිඳු සමග ගැටුමක්

වී ද යත් මට සැක දැනේ 

අකුණු දෙවිඳුත්  චණ්ඩ වී ඇත 

අද දිනයේ නම් බෝ සෙයින් 


                                                       දිනූ ✍️

ඔන්ලයින් පන්තිය

රූප පමණක් පෙනෙන 

අකුරු පමණක් ඇති

දඬුවම් දෙන්නට

සැරවැර කරන්නට

ටීචර් ළඟ නැති

යාළුවොත් නැති

පාසලුත් නැති

අපූර්ව ඔන්ලයින් පාඩම් 

ඉගෙන ගන්නට සිදුවුණේ

"කොරෝනා" ඔබ නිසයි.

 

                                                         දිනූ ✍️


වීදි සරන්නී

වීදි සරනා මවක දුටුවෙමි 
අනේ ඇගේ අත දරුවෙකි 
දුහුල් වී ගිය වැසුනු ඇඳුමේ
පාට පිටතට නො පෙනුණි 

ඇගේ අත උන් කුඩා දරුවා
මවගේ තනපටෙ එල්ලිලා 
කුසගිනිත් වී හඬයි නිරතුරු
විඩාවත් ඇත මුහුණතේ

කුඩා පුතු ගෙන මහ මගට වී 
යදියි කිසිවක් කන්නට
නමුදු මිනිසුන් ඈ පසෙක් කර
ගමන් ගයි නිරතුරුවම 


                                                        දිනූ ✍️

                 

දෙවනි අප්පච්චිගේ නික්ම යාම 💔

සැනසිල්ලක තතු මුහුණේ දුටු හින්දා  ඔබ යන ගමන ගැන ඔබ තුටු බව දැනුනා එනමුදු සුසුම් පොද ගිලිහෙන්නට කලින් නුඹේ සිහියට නැගෙන්නට ඇති නුඹෙ පවුලෙ ගැන