Saturday, January 29, 2022

වීදි සරන්නී

වීදි සරනා මවක දුටුවෙමි 
අනේ ඇගේ අත දරුවෙකි 
දුහුල් වී ගිය වැසුනු ඇඳුමේ
පාට පිටතට නො පෙනුණි 

ඇගේ අත උන් කුඩා දරුවා
මවගේ තනපටෙ එල්ලිලා 
කුසගිනිත් වී හඬයි නිරතුරු
විඩාවත් ඇත මුහුණතේ

කුඩා පුතු ගෙන මහ මගට වී 
යදියි කිසිවක් කන්නට
නමුදු මිනිසුන් ඈ පසෙක් කර
ගමන් ගයි නිරතුරුවම 


                                                        දිනූ ✍️

                 

No comments:

Post a Comment

දෙවනි අප්පච්චිගේ නික්ම යාම 💔

සැනසිල්ලක තතු මුහුණේ දුටු හින්දා  ඔබ යන ගමන ගැන ඔබ තුටු බව දැනුනා එනමුදු සුසුම් පොද ගිලිහෙන්නට කලින් නුඹේ සිහියට නැගෙන්නට ඇති නුඹෙ පවුලෙ ගැන