Thursday, September 8, 2022
අයිති නැති නුඹ....
Saturday, January 29, 2022
කාලය
තත්පරෙන් තත්පරේ
විනාඩියෙන් විනාඩියට
පැයෙන් පැයට
දවසින් දවසට
මේ ආකාරයට කාලය
ඉදිරියට ගමන් කරනවා මිස
නැවත පසු පසට ඒමක් නොමැත
ගෙවී ගිය කාලය
නැවත ගනු බැරි ය
ජීවිතය සුන්දර ම අවධියන්
මෙලෙස ගෙවෙනු ඇත
දිනූ ✍️
"දෙවියන් මැරීම" පද්‍ය පන්තිය රසාස්වාදය
"හොඳම වචන හොඳම පිළිවෙලට යෙදීම කවියයි" එස්.ටී.කෝල්රිච් මහතා පවසන ආකාරයට හෙළ හවුලේ ප්‍රථම තරංගයට අයත් කවියකු වන "ජී බී සේනානායක" මහතා විසින් රචිත "පලි ගැනීම" කෙටිකතා සංග්‍රහයේ එන "දෙවියන් මැරීම" පද්‍ය පන්තිය බුද්ධිය ඉදිරියේ භක්තිය යටපත් වන ආකාරය අරමුණු කර ගනිමින් රචිත පද්‍ය පංතියකි.
නිසඳැස් ආකෘතියෙන් රචිත පද්‍ය පන්තිය දෙවියන් මැරීමේ අවස්ථාවක් (භක්තිය යටපත් කිරීම) වස්තු බීජය කරගනිමින් රචිත ය.
"බුද්ධිය මිත්‍රයෙකැයි සිතූ මම
දිනක් මග රැක සිට
මගේ දෙවියන්
මරා හෙළීමි
දැවැන්තයෙකු වන බුද්ධිය
අඳුරෙහි මහ අඩි තබමින්
මා පිටුපසින් එන
මට ඇසෙයි"
බුද්ධියයි භක්තියයි අතර ඝට්ටනයක් පෙන්වීම සඳහා ජී බී සේනානායකයන් දෙවියන් මැරීම පද්‍ය පන්තිය උපයෝගී කර ගෙන ඇති ආකාරය පැහැදිලි වේ. මෙහි සඳහන් ආකාරයට කථකයා භක්තිය පරදා බුද්ධිය ඉස්මතු කරන ආකාරය ඉහත සඳහන් පද පෙළ තුළින් පැහැදිලි වන අතරම සරල වැකි භාවිතා කරමින් මෙය වඩාත් තීව්‍ර කර ඇත. එසේ ම ජී බී සේනානායකයන් තමන්ගේ පද්‍ය පන්තිය තුළ බුද්ධිය මිතුරෙක් ලෙස ගෙන භක්තිය ඉවත් කළා යැයි පවසයි.
"මගේ දෙවියන්
මරා හෙළීමි"
ප්‍රබල සංකේතයක් දැනවීම මේ පැදි පෙළ තුළින් හඳුනා ගත හැකිය.මගේ දෙවියන් මැරීම යනු භක්තිය ඉවත් කිරීමයි. බුද්ධිය සහ භක්තිය අතර ඝට්ටනය තුළින් බුද්ධි ඉස්මතු වී භක්තියේ යටපත් කරන පුද්ගලයකු පිළිබඳ මේ පැදි පෙළ තුළින් පැහැදිලි වන අතර ව්‍යංගාර්ථවත් බස යොදා ගනිමින් පද්‍ය පන්තියේ රසය වැඩි කිරීමට සේනානායකයන් යෙදූ උපක්‍රමයන් මොනවට පැහැදිලි වේ. "මරා හෙළීමි, මට ඇසෙයි " සරල බස යොදා ගැනීම තුළින් පද්‍ය පන්තියේ රසය වැඩි වී ඇත.
" එහෙත් දෙවියන් සිටි කල මෙන්
දැන් මට
සැක හැර ගමන් කළ නොහැක
මා වැටුණු කල
දැන් දෙවියන් නැති හෙයින්
මම
නැගී සිටිය යුතු ය."
භක්තිය යටපත් කරාඉන් පසුව සැකයෙන් යුතුව කල් ගෙවීම මෙන් ම බුද්ධිය හෝ භක්තිය යන දෙකෙන් එකක් වත් නොමැතිව එකක් වත් නොමැති ව විසීමට නොහැකි බව පවසයි.
"මට
නැගී සිටිය යුතු යි."
තමන්ට තම ආත්ම විශ්වාසය ඇති කරමින් භක්තිය නොමැති වුවද තමන් නැගී සිටිය යුතු බව කවියා පවසයි. තමන්ගේ ප්‍රශ්න විසඳාගැනීමට තමන්ට හැකි අයුරු මෙන්ම ආත්ම විශ්වාසය ඇති කරමින් භක්තිය නොමැති වුව ද බුද්ධිය තුළින් කටයුතු කිරීමට හැකි බව කථකයා පවසයි.
"යළිත් දෙවියන් සොයා ගිය මට
උන්වහන්සේගේ රන්වන් මළ සිරුර
මග අසල
නුග ගස යට තිබී සම්බ විය."
නමුත් මේ පුද්ගලයා නැවතත් තමාගේ නැති වූ භක්තිය සොයාගෙන යන බව "යළිත් දෙවියන් සොයා ගිය මට" පාටය තුළින් පැහැදිලි වන අතරම බුද්ධිය නොමැති ව භක්තිය වත්, භක්තිය නොමැතිව බුද්ධිය වත් නැති බව දක්වයි. නුග ගස සංකේතයක් වන අතර අදෘශ්‍යමාන බලවේග එසේ නොමැති නම් දෙවියන් සංකේතවත් කිරීම සඳහා මෙය භාවිතා කරන අතර ම භක්තිය සොයා ගිය පුද්ගලයා දෙවියන් ගේ රන්වන් මළ සිරුර නුග ගස යට තිබී සොයා ගත් බව ද දක්වයි.
"උන් වහන්සේ
නැඟී නොසිටින්නේ
බුද්ධි ය
තම දත් දෙපළ පෙන්නා
විලිස්සමින්
මා පිටිපස සිටින හෙයින් බව
මම දනිමි."
සේනානායකයන් දක්වන ආකාරයට භක්තිය ට යළි නැගී සිටීමට නො හැකි වන්නේ බුද්ධිය නමැති පවුර හේතුවෙනි. බුද්ධි ය විසින් භක්තිය යටපත් කරගෙන සිටීම හේතුවෙන් නැගී සිටීමට නො හැකි බව ද පවසයි.
"තම දත් දෙපළ පෙන්නා
විලිස්සමින්
මා පිටිපස සිටින හෙයින් බව"
චිත්ත රූප දනවන බස් වහරක් යොදා ගනී. "මරා හෙළීමි, මට ඇසෙයි, දැන් මට, මඟ අසල, මම දනිමි" සරල බස් වහර මනාව යොදා ගනී. ව්‍යංගාර්ථවත් බස යොදා ගැනීම තුළින් පද්‍ය පන්තියේ රසය තීව්‍ර වී ඇත. මේ ආකාරයට පද්‍ය පන්ති තුළින් බුද්ධිය හා භක්තිය අතර පවතින්නාවූ සම්බන්ධතාවය පෙන්වීමට ජී බී සේනානායකයන් පද්‍ය පන්තිය යොදාගත් අයුරු මනාව පැහැදිලි වේ.
බුද්ධිය සහ භක්තිය යන දෙක ම පුද්ගලයෙකු තුළ පවතින බවත් මේ දෙක ම සම ව පවත්වා ගැනීම තුළින් යහපත් ජීවිතයක් ගතකිරීමට හැකි බවත් ජීවන දෘෂ්ටිය කර ගනිමින් උත්තම පුරුෂ දෘෂ්ටි කෝණයෙන් ජී බී සේනානායකයන් විසින් රචිත දෙවියන් මැරීම පද්‍ය පන්තිය ඉතා විශිෂ්ට නිර්මාණයක් බව පැහැදිලි වේ.
☎ දුරකථනයකි මා
දෙන්න මට නිදහසක්
පැයක් වත් නැත නින්දක්
නිතරම මට වද දෙයි
චාජරයට ගැහුවත් මගෙන් ම වැඩ
දැන්නම් නිදහසට කරුණු ඇත
දුරකථනයේ තමා පාඩම්
අම්මා ඇහුවොත්,
මම පාඩම් කරනවා කියනවා
නමුදු,
ඔබ වෙන වැඩ
අම්මා නිතරම බනින්නෙත් මට
මම තමයි ඔක්කොටම වැරදියි
අම්මට මාව පෙන්නන්නත් බෑ
හැබැයි මාව නැතුව බෑ
දිනූ ✍️
මිත්තණිය
කොණ්ඩෙ තැන තැන සුදු වෙලා
අත පයත් රැලි වැටිලා
එනමුදු කටේ නම් අඩුවක් නොමැති
හොඳ නරක දෙකටම කෑ ගසන
ඉක්මනින් තරහා යන
නමුත්, නිතර ම සොයා බලනා
දුකේදී මෙන් ම සැපේදිත් සිටින
මවගෙන් පසු ආදරණීය ම කත
ඇයයි මිත්තණිය...
දිනූ ✍️
සොයුරු පෙම
මටත් සිටිනවා නංගිලා දෙන්නෙක්
අප්පෝ යක්ෂ කෙල්ලො දෙන්නෙක්
නිතරම කෑ ගැසිලි
නිතරම සිනහවෙන්
මුළු නිවස පිරි ඇත
රණ්ඩුවක් නොමැති තරම්
ආදරණීය බැඳීම් ඇති
එකාට එකා නැති ව බැරි
ඒ වගේම ඇතුවත් බැරි
අපූර්වතම වූ පෙම
සහෝදර බැඳීමයි...
දිනූ ✍️
ජීවිතය
මේක මහ පිස්සුවක්
විටෙක මහා කෝලමක්
හිසට මහ විකාරයක්
පැටලුනු නූල් පන්දුවක්
කොතනින් ලිහාගන්න ද
කොතනින් පැටළුම් අරින්න ද
නොතේරේ මට
දෙවනි අප්පච්චිගේ නික්ම යාම 💔
සැනසිල්ලක තතු මුහුණේ දුටු හින්දා ඔබ යන ගමන ගැන ඔබ තුටු බව දැනුනා එනමුදු සුසුම් පොද ගිලිහෙන්නට කලින් නුඹේ සිහියට නැගෙන්නට ඇති නුඹෙ පවුලෙ ගැන
-
තනිකම, පාළුව රජයන, සැඳෑ හෝරාවක, මතක අතරින් සැරිසරද්දී.. අතීතයේ මතක ගොන්න එකිනෙක, දෑස් ඉදිරියේ රටා මවද්දී, දුක් වී ද යත්, සතුටු වී ද යත්, නො...
-
සැනසිල්ලක තතු මුහුණේ දුටු හින්දා ඔබ යන ගමන ගැන ඔබ තුටු බව දැනුනා එනමුදු සුසුම් පොද ගිලිහෙන්නට කලින් නුඹේ සිහියට නැගෙන්නට ඇති නුඹෙ පවුලෙ ගැන
-
කියන්නට බොහෝ දේ ඇත අසන්නට කෙනෙක් නැත ගොළුව ඇත මුලු හදම පාළුවෙන් නිරතුරුව ගෙවී ගියත් බෝ වෙලා නිදිවරා මා.... සිටිමි ගොළු වූ හදේ වදන් ගලපනු නො...
