තනිකම, පාළුව රජයන,
සැඳෑ හෝරාවක,
මතක අතරින් සැරිසරද්දී..
අතීතයේ මතක ගොන්න
එකිනෙක,
දෑස් ඉදිරියේ රටා මවද්දී,
දුක් වී ද යත්, සතුටු වී ද යත්,
නොහැඟේ...
ආ ගමන් මගේ
සතුටක් නැතුවාම නොවේ,
නමුදු,
සතුට පරයා දුක ඉස්මතු වී
නෙත් බොද වී
යාම නවත්වන්නේ
කෙළෙසකද?
කියා දෙන් මට....
දිනූ ✍️